Tuesday, May 21, 2024

General line - 0115112241

ලක්ෂ 21කට දුන්න සහල්වලට ගුල්ලෝ ආවේ කොහොමද?

නිහාලිසිරි ගම්ලත




අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ සහල් බෙදාදීමේ රජයේ වැඩසටහනේදී භාවිතයට නුසුදුසු සහල් ලබාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අංශ කිහිපයකින් පරීක්ෂණ ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේවන විටත් පවුල් ලක්ෂ 21කට නොමිලේ සහල් ලබාදුන් බවයි.


මේ වනවිට ගැටළු මතුව ඇති ප්‍රදේශ ආශ්‍රිතව පරික්ෂණ ක්‍රියාත්මක වන බවත් අගතියට පත් පාර්ශවයන්ට යළි සහල් ලබාදෙන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ සහල් බෙදාදීමේ රජයේ වැඩසටහන සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේවන විටත් උපදෙස් ලබාදී තිබෙනවා.

කල් ඉකුත්වූ සහල් බෙදාදෙන බවට වන සිද්ධීන්ට අමතරව නොමිලේ ලබාදෙන මෙම සහල් වෙනුවෙන් මුදල් අයකරන බවටත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.