Tuesday, May 21, 2024

General line - 0115112241

මහනුවර මැණික්හින්න රෝහලේ ගැටුම ගැන ආණ්ඩුකාරවරයා වාර්තාවක් ඉල්ලයි




මහනුවර මැණික්හින්න රෝහලට හදිසි රෝගියකු ඇතුළත් කළ අවස්ථාවේදී රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරිමට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදුකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ අදාළ බලධාරින්ට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරින් වෙත උපදෙස් ලබාදෙමින් ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණයක් සිදුකර වහාම වාර්තාවක් ලබා දෙන ලෙසයි.