Tuesday, May 21, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ චීන ගමනෙන් තායිවානයට කරදරයිලු




අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ චීන සංචාරය අවසන් කිරීමෙන් දිනකට පසුව, අප්‍රේල් 27 වන දින තායිවාන සමුද්‍ර සන්ධියේ සංවේදී මධ්‍ය රේඛාව හරහා ගුවන් යානා 12 ක් සමඟ දිවයින ආසන්නයේ චීන හමුදා ක්‍රියාකාරකම් අලුත් වූ බව තායිවානය චෝදනා කරනවා.

ඒ අනුව තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ අප්‍රේල් 27 වන දින එරට වේලාවෙන් උදේ 9.30 සිට, Su-30 ප්‍රහාරක යානා ඇතුළුව චීන හමුදා ගුවන් යානා 22 ක් සිය දිවයින ආසන්නයෙන් පියාසර කළ බවයි.

ඉන් 12 ක් මධ්‍ය රේඛාව හරහා තායිවානයේ උතුරට සහ මැදට පියාසර කළ බවත් එම අමාත්‍යංශය චෝදනා කළා.

විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද අමෙරිකාව යනු තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර ආධාරකරු සහ ආයුධ සැපයුම්කරු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් ඇන්තනී බ්ලින්කන් පවසා තිබුණේ තමන් චීනයේ සිටියදී තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ තීරණාත්මක වැදගත්කම තමා අවධාරණය කළ බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන තායිවානය, සිය භූමි ප්‍රදේශයක් බවයි චීනය පවසන්නේ.

එබැවින් චීනය තායිවානයට එරෙහිව හමුදා පීඩනයක් එල්ල කරමින් සිටිනවා.

තායිවානය පවසන්නේ චීනයේ මැදිහත්වීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි