Tuesday, May 21, 2024

General line - 0115112241

තම සැමියා නිදහස් කර ගන්න පොලීසියට අල්ලස් දුන් කාන්තාවක් අත්අඩංගුවට




හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාහැරීම සඳහා සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කටයුතු කල බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර  ප්‍රදේශයේ පදිංචි  කාන්තාවක්.

කළුතර දකුණ දූෂණ මර්ධන අංශ විසින් ඇයගේ ස්වාමියාව  හෙරෝයින් මත්කුඩු  සමග අත්අඩංගුවට ගෙන  කළුතර දකුණ පොලිසියට රැගෙන විත් තිබු අතර පසුව සැකකරු ටී ෂර්ටි එකක් ගෙන්වා ගැනීම සදහා බිරිඳට  දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

විනාඩි 20 කට පමණ පසුව බිරිඳ පොලිසියට පැමිණ ඇති අතර පොලිසියේ දූෂණ මර්දන අංශයේදී එහි ස්ථානාධිපතිවරයට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දී හෙරෝයින් නඩුවෙන් සැකකරුව නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

එහිදී දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාර බිරිඳවද අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කර සිටියේ 

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි,