Tuesday, May 21, 2024

General line - 0115112241

හුතී කැරළිකරුවන් ඉන්දීය සාගරයටත් - අමෙරිකානු යුධ නැව් දෙකකටත් ප්‍රහාර




යේමනයේ හූති කැරළිකරුවන් යළිත් නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නෞකා 04කට ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉන්දීය සාගරයේ සහ රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකා හතරකටයි.

ප්‍රහාරය එල්ල වූ නෞකා 02ක් අමෙරිකානු යුධ නෞකා වීම විශේෂත්වයක්.

අමෙරිකාව පවසන්නේ ප්‍රහාරවලින් නෞකාවල සිටි කිසිදු සාමාජිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි.

ඉන්දීය සාගරයේදී ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ඊශ්‍රායලයට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්.  

හූති කැරළිකරුවන් පවසන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර සඳහා ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය හා සම්බන්ධතා ඇති යාත්‍රා සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි.

ඔවුන් මෙම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඉකුත් නොවැම්බර් මාසයේ සිටයි.

මේ දක්වා නෞකා ඉලක්ක කර එල්ල කර ඇති ප්‍රහාර සංඛ්‍යාව 50කට අධිකයි.