Tuesday, May 21, 2024

General line - 0115112241

විස්සයි විස්ස ප්‍රධාන කණ්ඩායම් 03ක් අවසන් සංචිතය ප්‍රකාශයට




එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගීවන ප්‍රධාන කණ්ඩායම් 03ක් අද සිය අවසන් සංචිත ප්‍රකාශයට පත් කළා.

ඒ, ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් ප්‍රකාශයට පත් කළ සංචිතයට විරාත් කෝලි ද ඇතුළත්. 

ගියවර පන්දුවාර විස්සයි විස්ස ලෝක ශූරයින් වන එංගලන්තයද අද සිය අවසන් සංචිතය ප්‍රකාශයට පත් කළා.

ඊට වසරකට වඩා වැඩි කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආර්චර් ද ඇතුළත් වීම විශේෂත්වයක්. 

දකුණු අප්‍රිකාවද අද සිය අවසන් සංචිතය ප්‍රකාශයට පත් කළේ ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වයෙන්.

ඊට පන්දුවාර විස්සයි විස්ස වරම් දිනා නොගත් නවක ක්‍රීඩකයන් දෙදෙනෙකුද ඇතුළත් කර තිබෙනවා. 

මෙම කණ්ඩායම් 03ට අමතරව නවසීලන්තයද ඊයේ සිය අවසන් සංචිතය ප්‍රකාශයට පත් කළා.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ජූනි පළමුවනදා ආරම්භ වනවා.