Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනපතිට අතුරු තහනම් නියෝගයක්

උදය කුමාර 




අගවිනිසුරු ධුරය හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත  අද අතුරු නියෝගයක් නිකුත් කළා.

එම අතුරු නියෝගයට අනුකූලව කටයුතු කරන ලෙසත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ද නියම කර තිබෙනවා.

වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළා.

එම තීරණයට එරෙහිව නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේ.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව අදාළ නියෝගය නිකුත් කළේ එම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක්  බල පැවැත්වෙන බවද සඳහන් කරමින්.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 4 වනදා පැවැත්වීමට ද දින නියම වුණා.