Tuesday, May 21, 2024

General line - 0115112241

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩට තවත් වගකීමක්




ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සහ මිල පිරික්සුම් අංශයේ ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා අද දින ආදායම් හා සේවා සමූහයේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පත් කරනු ලැබීය. 

1989 වසරේදී සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙසින් රේගු සේවයට බැඳුනු ඔහු විවිධ අංශ තුල සේවය කරමින් දැනුම් සම්භාරයක් හිමි කරගෙන ඇත. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රේගු කලමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධියද එංගලන්තයේ බකිංහැම්ශයර් නව විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියද හිමිකරගෙන ඇති ඔහු ලෝක රේගු සංවිධානයේ වරලත් විශේෂඥ පුහුනුකරුවෙකු ලෙසද කටයුතු කරයි. 

ඔහු ගලගෙදර මිණිගමුව මහා විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි