Tuesday, May 21, 2024

General line - 0115112241

ලෝක කම්කරු දිනය සමරමින් දේශපාලන පක්ෂ සැරසෙන හැටි




ලෝක කම්කරු දිනය සමරමින් දේශපාලන පක්ෂ අද මැයි දින රැළි සහ පෙළපාලි රැසක් සංවිධාන කර තිබෙනවා.

මෙවර මැයි දිනය වෙනුවෙන් දිවයින පුරා රැළි සහ පෙළපාලි පොලිස් කොට්ඨාස 19ක පොලිස් වසම් 35ක් ආවරණය වන පරිදි සංවිධානය කර අවසන්.

සංවිධානය වන රැළි සහ පෙළපාලි සංඛ්‍යාව 40ක්.

මැයි පෙළපාලි නොමැතිව මැයි රැළි 19ක් ද පැවැත්වීමට නියමිතයි.

මැයි දින පෙළපාලි 21ක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

සංවිධාන කර ඇති මැයි දින සැමරුම් උත්සව සංඛ්‍යාව 19ක්. කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාලි සංඛ්‍යාව 14ක්. 

එක්සත් ජාතික පක්ෂය සිය මැයි රැළිය සංවිධාන කර ඇත්තේ මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදීයි. මේ, පක්ෂ සභාපති වජිර අබේවර්ධන.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැයි රැළිය සංවිධාන කර ඇත්තේ කැම්බල් ක්‍රීඩාංගනයේදීයි.

මේ ඊට ඇති සූදානම පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න.


සමගි ජනබලවේගයේ මැයි රැළිය අද පස්වරුවේ ආරම්භ වන්නේ පෙළපාලියකින් පසුවයි.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.


ජාතික ජනබලවේගය කොළඹ නගරයේ සංවිධාන කරන මැයි රැළිය පැවැත්වෙන්නේ කන්නංගර මාවතේදීයි.

ඊට පෙර පෙළපාලියක්ද පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ.


මැයි රැළි සහ පෙළපාලි පැවැත්වෙන සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කරුණක් නොමැති නම් පෙළපාලි සහ රැස්වීම් පැවැත්වෙන කාලය තුළ ස්ථාන හා මාර්ග මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

කොළඹ නගරයේ පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාලි සම්බන්ධ සම්පූර්ණ වාර්තාව නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.