රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
ඒ, කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්.
පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාවයි.
නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තූතිය පුද කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ වසර කිහිපයක සිට රටේ සමස්ත ජනතාව මැයි දිනය සමරන්නේ අතිශය බරපතල ඛේදවාචකයන් රැසකට මුහුණ දෙමින් බවයි.
එබැවින් ජනතාව වෙනුවෙන් කැපවෙන ආණ්ඩුවක් පත් කර රටක් ලෙස නැවතත් නැඟී සිටීමට කාලය එළඹ ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර මැයි දිනය සමරන්නේද අර්බුද, අභියෝග රැසක් හමුවේ බවයි.
සමාජයේත්, ආර්ථිකයේත්, දේශපාලනයේත් ගැඹුරු සාධනීය වෙනසක් වෙනුවෙන් පෙරට ආ යුතු බවයි ඔහු පවසන්නේ.