Wednesday, May 22, 2024

General line - 0115112241

මැයි දිනය වෙනුවෙන් සෙනඟ ගේන්න දේශපාලන පක්ෂ ලංගම බස් 685කට සල්ලි දෙයි




මෙවර මැයි රැළි සඳහා ජනතාව රැගෙන ඒමට දේශපාලන පක්ෂ විසින් ලංගම බස් රථ 685කට මුදල් ගෙවා වෙන් කරගෙන ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

මුදල් නොගෙවන කිසිදු පාර්ශවයකට බස් රථ ලබා නොදීමට ලංකා ගමනාගමන මණ්ඩලය මෙවර තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමත් සමග මැයි රැළි සඳහා බස් රථ වෙන් කර ගන්නා කණ්ඩායම් කල් වේලා ඇතිව බස් රථ වෙන් කර ගැනීමටයි කටුයතු කර ඇත්තේ.