Wednesday, May 22, 2024

General line - 0115112241

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්




මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන  මාර්ගයේ හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේ ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පැවති වර්ෂාවත් සමග අද අලුයම ගල් කුළු කිහිපයක් මාර්ගය මතට පතිත වී තිබූ  වී  තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මරංගහවෙල සිට හපුතලේ  දක්වා ඇති  කොළඹ බදුල්ල මාර්ග කොටසට ඉහළින් ඇති කඳු බෑවුමේ සිට  ගල් පෙරළීමේ අවදානම පවතින බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.

විටින් විට දැඩි මීදුමක්ද පවතින බැවින් මෙම මාර්ග කොටස භාවිතා කිරීමේදී විමසිලිමත්ව රථවාහන ධාවනය කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
සමන් පාලිත නානායක්කාර