Wednesday, May 22, 2024

General line - 0115112241

මැයි රැළි සහ පෙළපාලි වෙනුවෙන් කොළඹ සූදානම්




අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ  සංවිධාන කරන මැයි දින පෙළපාලි සහ රැළි සඳහා මේවන විටත් කටයුතු සූදානම් කරමින් පවතිනවා.

වැඩිම මැයි රැළි ප්‍රමාණයක් පැවැත්වෙන්නේ කොළඹ නගරයේයි.

එම සංඛ්‍යාව 14ක්. සියලුම මැයි රැළි සහ පෙළපාලි ආශ්‍රිතව ආරක්ෂාව සඳහා 10,000කට ආසන්න පිරිසක් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ. 


මැයි රැළි සහ පෙළපාලි පැවැත්වෙන අවස්ථාවක හදිස්සි අවශ්‍යතාවක් සඳහා ගමන්ගන්නා පුද්ගලයින් සිදු කළ යුත්තේ කුමක්ද?


මැයි රැළි සහ පෙළපාලි වෙනුවෙන් බස් රථ 6,500ක් පමණ කොළඹට පැමිණීමට නියමිත බව කොළඹ නාගරික රථ වාහන පොලීසියේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර පැවසුවේ.


මාතර සිට බොහෝ පිරිසක් කොළඹ මැයි රැළි සඳහා පැමිණි බව නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවා.


එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මැයි රැළියට සහභාගි වීම සඳහා පාක්ෂිකයින් දුම්රිය 03කින් පැමිණෙමින් සිටිනවා.

ඒ, බෙලිඅත්ත, ගාල්ල සහ අලුත්ගම සිටයි. මේ, නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.


දුම්රිය බලධාරීන් පැවසුවේ මෙම දුම්රිය වෙන් කරගෙන ඇත්තේ මුදල් ගෙවීමකින් බවයි. 

මේ අතර කොළඹ නගරයේ මැයි දින සැමරුම් සූදානම පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු විරාජ් ලන්සකාර.


එක්සත් ජාතික පක්ෂය සිය මැයි දින රැළිය පී ඩී සිරිසේන ක්‍රීඩාංගනය ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය මැයි රැළිය පවත්වන්නේ කැම්බල් ක්‍රීඩාංගනයේදියි.

සමගි ජනබලවේගය පහළ චැතැම් වීදිය ආශ්‍රිතවද ජාතික ජන බලවේගය කන්නංගර මාවතේ උපාලි හෝටලය ඉදිරිපිටද සිය මැයි රැළිය සංවිධානය කර තිබෙනවා.