Tuesday, May 21, 2024

General line - 0115112241

ඩීසල් 30කින් අඩු වුනත් බස් ගාස්තු අඩු නොවේ




ඩීසල් මිල රුපියල් 30කින් අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ බස් ගාස්තු සංශෝධන සූත්‍රයට අනුව මෙම ඩීසල් මිල අඩු වීම බස් ගාස්තු අඩු වීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. 


ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම්පත් රණසිංහ පැවසුවේ බස් ගාස්තු පිළිබඳ සහනයක් දීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ වාර්ෂික ගාස්තු සංශෝධනයේදී පමණක් බවයි. 


ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කළ අතර සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් එහිදී පහළ දැමුණා.

සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 333ක්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ලංකා ෂධක්‍ සමාගමද මිල ගණන් පහත හෙළා තිබෙනවා.

සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කළ අතර ඔටෝ ඩීසල් මිල පහළ දමා ඇත්තේ රුපියල් 27කින්. එහි නව මිල රුපියල් 333ක්.