Tuesday, May 21, 2024

General line - 0115112241

හැරී පෝටර් මාළිගයට රුසියාව පොකුරු බෝම්බ හෙළා ඇතැයි චෝදනා




යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටි හැරී පොටර් මාළිගය නමින් හඳුන්වන අධ්‍යාපන ආයතනයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

වහලය ගිනි ගන්නා ඡායාරූප හා වීඩියෝ විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා.

සුළු වේලාවක් තුළ බෝම්බ රැසක් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පුපුරා යන ආකාරය එහි සඳහන්. 

සිද්ධියෙන් පුද්ගලයින් පස් දෙනෙක් මියගොස් තවත් 31 දෙනෙක් තුවාල තිබෙනවා.

හැරී පොටර් චිත්‍රපට මාලාවේ හොග්වර්ට්ස් පාසල පිහිටි ගොඩනැගිල්ලට මෙම ගොඩනැගිල්ල බෙහෙවින් සමානවීම හේතුවෙන් යුක්රේන ජාතිකයන් විසින් එය හැරී පෝටර් මාළිගය ලෙස හඳුන්වනු ලබනවා. 

යුක්රේන බලධාරීන් චෝදනා කරන්නේ රුසියාව විසින් මෙම ගොඩනාගිල්ලට පහර දීම සඳහා බැලස්ටික් මිසයිල සහ පොකුරු බෝම්බ භාවිත කර ඇති බවයි.

ජාත්‍යන්තර සම්මුතියකට අනුව පොකුරු බෝම්බ භාවිතය තහනම්.