Tuesday, May 21, 2024

General line - 0115112241

ලෝක කුසලානයට සහභාගී වන ඕස්ට්‍රේලියානු  සංචිතය ප්‍රකාශයට




එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ඕස්ට්‍රේලියානු  සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සංචිතයට ඇතුළත් නොවීමයි.

ඒ අතරට සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් හා වේග පන්දු යවන ක්‍රීඩන ජේසන් බෙරන්ඩොෆ්ද ඇතුළත්.

කෙසේවෙතත් දඟපන්දු යවන ක්‍රීඩක ඇස්ටින් ඒගර් 2022 වසරෙන් පසු පළමුවරට ඕස්ට්‍රේලියානු  පන්දුවාර විස්සයි විස්ස කැඳවා තිබෙනවා.

15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස මිචෙල් මාෂ්. 

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන නවසීලන්තය, ඉන්දියාව , එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය මේ වන විටත් සිය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.