Friday, May 17, 2024

General line - 0115112241

වතු කම්කරුවන්ට 1,700ක් දෙන්න හාම්පුතුන් බෑ කියයි

රංජිත් රාජපක්ෂ




වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කිරීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම සදහා වැය වන ඉහල පිරිවැය හේතුවෙන් මෙම වැටුප ලබා දිය නොහැකි බවයි. 

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ දැමු බවට ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ ඉකුත් 30වනදා රාත්‍රියේයි.

කෙසේවෙතත් එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ තම සමාගම් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව බවයි තේ වතු සමාගම් පැවසුවේ.

ඒ අනුව එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද වතු සමාගම් සඳහන් කළා.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දිනයේ කොළඹදි පැවැත්වීමට නියමිතයි.

ඒ, තේ වතු සමාගම් වල උසස් නිලධාරින් අතරයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවයි වතු හාම්පුතුන්ගේ සංගමයේ උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

මේ වන විට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1,000ක්.