Friday, May 17, 2024

General line - 0115112241

කම්කරුවාගේ දිනයේත් නිදහස අහිමි වූ කම්කරුවෝ




ලෝකයේ රටවල් රැසක් කම්කරු දිනය ඊයේ සමරද්දී කම්කරුවාට වෙන්වූ දිනයවත් අහිමි වූ කම්කරුවන් පිරිසක් නෙත් නිවුස් අපට මුණ ගැසුණා.

දේශපාලන පක්ෂ සිය ශක්තිය පෙන්වීමට පාක්ෂිකයින් දහස් ගණනින් කැඳවූ මැයි රැළි අවසානයේ ඒවා පිරිසිදු කිරීමට සිදු වූයේ කම්කරුවාටමයි.

එලෙස නෙත් නිවුස් කණ්ඩායමට හමු වූ ඇතැම් කම්කරුවන්, ජීවිතයේ කිසිම දිනක කම්කරු දිනය දා නිවාඩු ලබා නොගත් අය වීම ද විශේෂත්වයක්.


කම්කරුවාට වෙන්වූ දිනයේත් රාජකාරී සිදු කළ කම්කරුවන් සමග සිදු කළ මෙම සංවාදයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.