Friday, May 17, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය ගැන හැම පක්ෂයක්ම කියපු කතාව




මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ඊයේ සංවිධාන කළ මැයි රැළිවලදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩි වශයෙන් අදහස් පළ වුණා.

සෑම පක්ෂයක්ම ප්‍රකාශ කළේ මේ වසර තුළ අනිවාර්යයෙන්ම තම පාලනයක් යටතේ ආණ්ඩුවක් පිහිටුවන බවයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණය වැඩි ඡන්දයෙන් ජය ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසුවා.


මේ වසරේ නිර්මාණය වන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බවයි එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න පැවසුවේ. 


එහෙත් සමීක්ෂණ වාර්තාවලින් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ.


කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය නොමැතිව කිසිවෙකුටත් ජනාධිපතිවරණය ජයගත නොහැකි බවයි.