Friday, May 17, 2024

General line - 0115112241

දකුණු සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු පත් කෙරේ




දකුණු සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු පත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් පත් කර තිබෙනවා.

ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයෙන් පළමුවරට අනාවරණ කෙරුණා.