Friday, May 17, 2024

General line - 0115112241

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්




රජයේ විධායක නිලධාරීන් මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක කරන සියලු සංවර්ධන ව්‍යාපෘති සහ මහජන සේවා කළමනාකරණය හා පරිපාලනයට සම්බන්ධව කටයුතු කරන්නේ

ඔවුන්. ඉංජිනේරු, කෘෂිකර්ම, පශු වෛද්‍ය ඇතුළු සේවා 18කට අයත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සේවකයින් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින්.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච් ඒ එල් උදයසිරි පැවසුවේ අද සහ හෙට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.


මේ අතර අද දහවල් 12 සිට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පැවසුවා.