Friday, May 17, 2024

General line - 0115112241

බන්ධනාගාර රැඳවියන් ගැන අධිකරණ ඇමති කතා කරයි




බන්ධනාගාර තදබදය හමුවේ රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේදී ගැටලු‍කාරී තත්වයකට මුහුණපෑමට සිදුවී ඇති නමුත් එම තත්ත්වය මනාව පාලනය කිරීමට අවශ්‍යකරන ක්‍රියාමාර්ගයන් මේ වන විටත් ගනිමින් පවතින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සංවිධාන කළ පරිගණක බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙම අදහස් පළ කළා.

මෙරට අධිකරණමය ක්‍රියාවලිය මෙන්ම බන්ධනාගාර පද්ධතියේ දියුණුව සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බවද අමාත්‍යවරයා කියා සිටියා.

එම අවස්ථාවට ඇමරිකානු තානාපතිනි ජූලියා චන්ග් ද එක්ව සිටි බවයි අධිකරණ අමාත්‍යංශය පැවසුවේ.