Friday, May 17, 2024

General line - 0115112241

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක්




2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065ක්.

එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5,725ක් වනවා.

එය 2023 මාර්තු මාසය හා සසඳන විට සියයට 29ක වර්ධනයක්.

පොල් කටු සක්‍රීය කළ කාබන් අපනයනය 2023 වරට සාපේක්ෂව මෙටි්‍රක් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430ක් වනවා.

එය සියයට 32ක ඉහළ යාමක්. එමෙන්ම පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3,122ක මුදලක් උපයා තිබූ අතර එය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 49ක ඉහළ යාමක්.