Friday, May 17, 2024

General line - 0115112241

විධායක නිලධාරීන්ගේ විරෝධතාවෙන් ලෝටස් පාර අවහිර වෙයි




විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් අද දහවල් කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා.

රජයේ විධායක නිලධාරීන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම විරෝධතාව පවත්වා තිබෙනවා.

ඉංජිනේරු, කෘෂිකර්ම, පශු වෛද්‍ය ඇතුළු සේවා 18කට අයත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සේවකයින් වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මේ හේතුවෙන් අද දිනයේ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන හරහා සිදු කෙරෙන සියලු රාජකාරී  රැසකට බාධා එල්ල වී තිබෙනවා.