Friday, May 17, 2024

General line - 0115112241

තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට




බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුමේදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 05දෙනෙකු සහ සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කළුතර, ගාල්ල, මාතර, කොළඹ, බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සිදු කළ වැටලීම්වලදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් රණාල, හෝමාගම, අතුරුගිරිය, කොළඹ 10 සහ ගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 23 දෙනා අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පවත්වමින් අපරාධවලට සහය දැක්වූවන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.