Friday, May 17, 2024

General line - 0115112241

පකිස්තානය තවත් සරණාගතයින් පිරිසක් නෙරපයි.




පකිස්ථානය සහ ඉරානය විසින් නෙරපා හැරීමෙන් පසු 2000 කට අධික ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් පිරිසක් නැවත ඇෆ්ගනිස්තානයටම ඇතුළු වූ බව තලෙයිබාන් ප්‍රමුඛ සරණාගතයින් සහ ආපසු ගෙන්වා ගැනීමේ අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරනවා.

එම අමාත්‍යංශය පවසන්නේ ඉකුත් සඳුදා පකිස්තානයෙන් නෙරපූ පසු ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් 260 දෙනෙකු පාකිස්තානයේ සිට කාබුල් වෙත ආපසු පැමිණ ඇති බවයි.

මේ අතර, ඇෆ්ගන් සංක්‍රමණිකයන් 2,368 දෙනෙකු ද ඉරානයේ සිට නැවත ඇෆ්ගනිස්ථානයට එදිනම ඇතුළු වූ බව ද වාර්තා වනවා.

සංක්‍රමණිකයන් නන්ගර්හාර් පළාතේ ටෝර්කාම් දේශසීමා හරස් මාර්ගය හරහා ආපසු ඇෆ්ගනිස්තානය වෙත පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ඇෆ්ගන් සංක්‍රමණිකයන් පාකිස්තානයෙන් නෙරපා හැරීමේ සැලැස්ම වහාම අවලංගු කරන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය මීට පෙර පකිස්තානයෙන් ඉල්ලා තිබුණා.

එම මෙම සැලැස්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට සහ සරණාගත නීතිවලට පටහැනි බවයි ඔවුන් පැවසුවේ.

මේ අතර, තලේබාන් සංවිධානයේ වැඩබලන සරණාගතයින් සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇෆ්ගන් සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්නය ද්විපාර්ශ්වික අවබෝධතා රාමුව තුළ විසඳන ලෙස පාකිස්තානයෙන් ඉල්ලා සිටින බවයි