Friday, May 17, 2024

General line - 0115112241

වතු කම්කරු වැටුප් වැඩි කිරීම රඟපෑමක් බවට චෝදනා

රංජිත් රාජපක්ෂ




වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම රජයේ සහ වතු සමාගම් එක්ව සිදු කරන රඟපෑමක් බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරම් පවසනවා.

ගිනිගත්හේන ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. 


වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 700කින් වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වතු කම්කරුවන් අදහස් දැක්වූයේ මෙලෙසයි.