Sunday, May 19, 2024

General line - 0115112241

මතීෂ පතිරණට IPL අහිමි වෙයි




ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර IPL තරඟාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ ඔහුගේ පාදයේ ඇති වී තිබෙන ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන්  මතීෂ පතිරණ තරඟ 06කට ක්‍රීඩා කරමින් කඩුලු 13ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ, පන්දු ඕවරයක ලකුණු ලබා දීමේ සාමාන්‍ය අගය 7යි දශම 6යි 8ක් ලෙස පවත්වා ගනිමින්.

චෙන්නායි කණ්ඩායම පන්දු යවන අවස්ථාවල අවසන් පන්දු වාර කිහිපය යොමු කිරීමට යොදා ගත් ප්‍රධාන පන්දු යවන්නෙකු ලෙසද මතීෂ පතිරණ යොදාගනු ලැබුවා.

ඒ අනුව මතීෂ පතිරණගේ ඉවත් වීම චෙන්නායි කණ්ඩායමට ප්‍රබල පාඩුවක් වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.