Monday, May 20, 2024

General line - 0115112241

උසාවි නියෝගයෙන් පසු ඩයනාට අයිතිව තිබූ සජබයත් අහෝසි වෙයිද?




ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අහෝසි කිරීම හේතුවෙන් ඇය නියෝජනය කළ සමගි ජනබලවේගයට ඉන් බලපෑමක් සිදුවේදැයි තීරණය කළ හැක්කේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් පමණක් බව ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු පැවසුවේ ඩයනා ගමගේට ලබා දුන් අධිකරණ තීන්දුවෙහි ඇය නියෝජනය කළ පක්ෂය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොවන බවයි. 

අභියාචනාධිකරණයේදී ප්‍රතික්ෂේප වූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමේදී සලකා බැලූ සුවිශේෂී කරුණු මොනවාද?

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගය ක්‍රියාත්මක වන්නේ කෙසේද? 

නෙත් නිවුස් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඩයනා ගමගේ වෙනුවෙන් සිදු කරන පත් කිරීම මේ සතියේ සිදු කරන බවයි.