Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 17කින් අඩු කර ගැනීමට අවස්ථාවක්




මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර අමෙරිකානු ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වන විට අවසන් බවත් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.

විදුලිබල ක්ෂේත්‍රයට ලැබෙන විදෙස් ආයෝජන හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී විදුලිබිල අඩු කිරීමට හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකි බව අමාත්‍ය අලි සබි්‍ර වැඩිදුරටත් පැවසුවා.