Monday, May 20, 2024

General line - 0115112241

යුක්‍රේන යුද්ධයට මෙරට පිරිස් යැවූ හමුදාවේම හිටපු දෙදෙනෙක් අත්අඩංගුවට




රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදාවේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කුරුණෑගල ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

මෙම ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස පැහැදිලි කළා.

විදෙස් රටවලට සම්බන්ධ පිරිසක්ද මෙම ජාවාරම පිටුපස සිටින බව මෙහිදී හෙළි කෙරුණා.

මෙරට සක්‍රීය සේවයේ සිටින හමුදා නිලධාරීන් මෙම ජාවාරමට සම්බන්ධ දැයි මෙතෙක් හෙළි වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් පුළුල් විමර්ශනයක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.