Monday, May 20, 2024

General line - 0115112241

පුද්ගලයෙකුට දිවි අහිමි කර දකුණේ වෙඩි යළි පත්තු වෙයි




අහුංගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කීර්ති සේනා අබ්‍රේව් නැමති 56 හැවිරිදි අයෙක්.

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. 

බරපතළ තුවාල සහිතව සිටි ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.