Monday, May 20, 2024

General line - 0115112241

ජාතික ඖෂධ අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අධිකරණයට




ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඉන් අනතුරුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.