Monday, May 20, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ටී කේ ජී කපිල




දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය, එක් දින තරඟාවලිය සහ ඩුබායිහි පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාස දෙකක ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි යළිත් මෙලෙස මෙරටට පැමිණියේ.

මෙම තරඟ ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන් බවයි කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගුවන් තොටුපොළේ දී අදහස් දක්වමින් කියා සිටියේ.

එසේම තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු දීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද ඇය පැවසුවා.