Monday, May 20, 2024

General line - 0115112241

කෝටි 05කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ”‍ කුෂ් ”‍ නැමැති ගංජා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියෙකු වන ඔහු විසින් සිය ගමන් මල්ල තුළ සගවා ගෙන මෙම ගංජා තොගය මෙරටට ගෙනැවිත් තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36 ක් තුළ අසුරා, ඒවා  ඔහු සිය ගමන් මල්ලේ අසුරා ගෙන තිබූ බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පැවසුවේ.