Monday, May 20, 2024

General line - 0115112241

පාසල් ළමුන්ට හා තරුණයන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු STF අත්අඩංගුවට




යාපනය ප්‍රදේශයේ පාසල් ළමුන් හා තරුණයින් හට ගංජා මිශ්‍ර මාවා අලෙවි කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව නෙල්ලිඅඩි ප්‍රදේශයේ තුන්නාලේ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි.

සැකකරු දිගු කලක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.