Monday, May 20, 2024

General line - 0115112241

මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 03ක් - විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති කියයි




වැටුණු රට යළි ගොඩනැගීම වෙනුවෙන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් 2023 වසරේ මැද භාගයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ජනතාවට සහන ලබා දීම සඳහා මේ වසරේ රුපියල් බිලියන 205ක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුව අමතා මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් ඊට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැදිහත් වීමත් සමග පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් හට ගත්තා.

ඊට පසුව අමාත්‍ය මනූෂ නානායක්කාරද එහිදී අදහස් පළ කළ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට ප්‍රතිචාර දැක්වුවා.

මේ අතර ඩයනා ගමගේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් තීරණය පිළිබඳ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට මෙලෙස දැැනුම් දුන්නා.

පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.