Monday, May 20, 2024

General line - 0115112241

යුධ ගැටුම් නිසා ගාසා ජල සැපයුම් සියයට 50ක් විනාශයි




ඊශ්‍රායල් - හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ ජල සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සියයට 50ක් විනාශ වී හෝ හානියට පත්ව ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

චන්ද්‍රිකා දත්ත උපයෝගී කර ගනිමින් නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව වැඩිම හානියක් සිදුව ඇත්තේ හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල් හමුදා ආක්‍රමණයෙන් පසුවයි. 

ප්‍රහාර හේතුවෙන් ප්‍රධාන ජල පවිත්‍රාගාර 06න් 04ක් විනාශ වී තිබෙනවා.

තවත් ජල සහ සනීපාරක්ෂක පහසුකම් සපයන ස්ථාන 600කටද හානි සිදුව තිබෙනවා.

විනාශ වූ හෝ හානියට පත් ජල සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලටද එල්ල වී ඇත්තේ දැඩි බාධාවක්.

පිරිසිදු ජලය නොමැති වීම ගාසා වැසියන්ගේ සෞඛ්‍යයටද බරපතල තත්ත්වයක් එල්ල වී ඇති බවයි සහන සේවකයින් පවසන්නේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුධ ගැටුම් ආරම්භ වූ ඔක්තෝබර් 07වනදා සිට විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 69,000ක්. තවත් නිවාස දෙලක්ෂ 90,000කටද හානි සිදුව තිබෙනවා.