ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් නොගත් පිරිස සියයට 40කටත් වඩා වැඩි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ පවසනවා.
ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.
ඉදිරි ජනාධිපතිවරණය අරමුණු කර ගනිමින් ගොඩනැඟෙන නව සන්ධානය මෙම මාසය තුළ එළි දක්වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.