Monday, May 20, 2024

General line - 0115112241

ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්

උදය කුමාර




හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් එම නියෝගය නිකුත් කර ඇත්තේ.

එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයාට සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

..........................................................................................................................................................................................................UPDATE 

ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයට භාජනයවී සිටින හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් සහ සමගි ජන බලවේගයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින්.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් එහිදී අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වුවා. 

ඒ අනුව එම විදේශ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන ඇය රටින් පිටවීමේ අවධානමක් පවතින හෙයින් ඩයනා ගමගේ නැමැත්තිය රටින් පිටවීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතීඥ හෆීල් ෆාරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

සමගි ජන බලවේගයේ නීතිඥවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වුවා.

එම තත්වය යටතේ අදාළ තැනැත්තිය රටින් පිටව යාමේ අනතුරක් තිබෙන හෙයින් ඇය විදේශගත වීම වළක්වාලන තහනම්ක් නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා. 

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උපදෙස් ලබාගැනීම සඳහා අදාළ නඩු ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරනු ලබන්නේ නිති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ අංශයෙන් බවත් මේ සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර උපදෙස් ලැබී නොමැති බවත් එම නිලධාරියා සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය තීන්දුව ප්‍රකාශයට පත්කළේ මෙලෙසයි.

ඒ අනුව ඩයනා ගමගේ නැමැත්තිය සතුව විදේශ ගමන් බලපත්‍ර තුනක්ද පවතින හෙයින් ඇය රටින් පිටවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එහිදී නියෝග කළා.

එම තහනම් නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.