Monday, May 20, 2024

General line - 0115112241

ක්‍රිකට්වලට සමු දීම ගැන චමරි කතා කරයි




තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා.

ඇය සඳහන් කළේ එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා තරඟාවලියේදී, තරඟයෙන් තරඟය හොදට සැලසුම් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඇය මෙම අදහස් පළ කළේ සාර්ථක තරඟ සංචාරයකින් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය, එක් දින තරඟාවලිය සහ ඩුබායිහි පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාස දෙකකට පසු යළිත් මෙලෙස මෙරටට පැමිණියේ ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. 

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමග තරගාවලියක් ද, ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සදහා ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතයි.