Monday, May 20, 2024

General line - 0115112241

ලෝක නිවුන් සහෝදර මහා සමුළුවේදී ශ්‍රී ලංකාව විශිෂ්ටතම නිර්මාණ 03 අතරට

ටී කේ ජී කපිල




චීනයේ පැවති 2024 ලෝක “නිවුන්” මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම ඉදිරිපත් කළ දේශීය සංස්කෘතිකාංග විදහා දැක්වෙන නර්තනාංගය, එම සමුළුවේ විශිෂ්ටතම නිර්මාණ තුන අතරට තේරී පත් වී තිබෙනවා.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ, මෝජෑන් නුවර පැවති මෙම සමුළුව සදහා ලෝකයේ රටවල් 42ක නිවුන් සහෝදර සහෝදරියන් දහසක් පමණ සහභාගී වී තිබුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිවුන් සහෝදර සහෝදරියන් 06 දෙනෙකු මෙම සමුළුවට සහභාගී වුණා.

මෙම සමුළුව අතරතුර පැවති නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී, විශිෂ්ටතම නිර්මාණ ඉදිරිපත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාව මෙන්ම චීනය සහ රුසියාව ද තේරී පත් වී තිබෙනවා.