Monday, May 20, 2024

General line - 0115112241

ඉන්දීය රජයේ බලවතෙක් හදිසියේ බංග්ලාදේශයට




ඉන්දියාවේ විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා කෙටි සංචාරයක් සඳහා බංග්ලාදේශයේ ඩකා වෙත පැමිණ තිබෙනවා.

ඔහු බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා සහ එරට විදේශ අමාත්‍ය හසන් මහමුද් හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී දෙරටේ ද්විපාර්ශවීය සම්බන්ධතා සහ වෙළඳ ගනුදෙනු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත නව ද පැවසෙනවා.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙම බංග්ලාදේශ සංචාරය සිදු කෙරෙන්නේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ඉන්දීය සංචාරයක් සම්බන්ධයෙන් වාර්තා පළ වෙමින් ඇති පසුබිමක් තුළයි.

එහෙත් ඒ සඳහා වන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

එම ඉන්දීය සංචාරය බංග්ලාදේශය අග්‍රාමාත්‍යවරියගේ නව පදවි ප්‍රාප්තියෙන් පසුව සිදු කෙරෙන පළමු විදෙස් සංචාරය වනු ඇති.

එමෙන්ම ඇය ඉන්දීය මහ මැතිවරණයෙන් අනතුරුව පැමිණෙනු ඇති බවට ද වාර්තා පළ වනවා.