Monday, May 20, 2024

General line - 0115112241

බාර් ලයිසන් වැඩි කළත් මත්පැන් භාවිතය පහළට




පසුගිය කාල සීමාවේදී මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව වැඩි වුවද මත්පැන් භාවිතය සියයට 19කින් පමණ අඩුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. නීත්‍යානුකූල නොවන මත්පැන් වර්ධනය වීම ඊට බලපා ඇති හේතුවක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය වසරේ නව මත්පැන් බලපත්‍ර 2014ක් ලබාදුන්නද ඉන් 147ක් සංචාරක කර්මාන්තය සඳහා ලබාදුන් ඒවා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ මත්පැන් නිෂ්පාදනය පහතවැටී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.