Monday, May 20, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට මිලි මීටර් 100ක තද වැසි




දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්  සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.