නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අම්බලන්තොට නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී රුපියල් එක් ලක්ෂ 50,000කට ආසන්න වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි 1,180ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.