නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා මෙවර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකිවූ සිසුවියන් දෙදෙනාට නෙත් එෆ් එම් බැලුම්ගල මැදිහත්වීමෙන් පසු යළි විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමිවුණා.
මෙලෙස අසාධාරණයට ලක්ව සිටියේ ගාල්ල ඇත්කඳුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක්. මෙවර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ඉකුත් අප්‍රේල් මස 22 සහ 26 දෙදින පැවැත්වුණා.
එහෙත් ඊට අදාළ විභාග ප්‍රවේශපත්‍ර සිසුවියන් දෙදෙනාට ලැබී තිබුණේ නැහැ. මෙම විද්‍යාලයෙන් ගෘහ ආර්ථික විද්‍යාව විභාගයට පෙනී සිටියේද ඔවුන් දෙදෙනා පමණයි.
අදාළ ප්‍රවේශපත්‍ර විද්‍යාලයට තැපෑලෙන් යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.
එහෙත් විදුහල්පතිවරයා සිසුවියන්ට පවසා ඇත්තේ ප්‍රවේශපත්‍ර තමන් වෙත නොලැබුණු බවයි.
නෙත් එෆ් එම් බැලුම්ගල මගපෙන්වීම යටතේ සිසුවියන් දෙදෙනා මේ පිළිබඳ ඇල්පිටිය කලාප කාර්යාලයට සහ විභාග දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළා.
අසාධාරණයට ලක්වූ සිසුවියන් වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළේ ඉන් අනතුරුවයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.
නෙත් එෆ් එම් බැලුම්ගල අද උදෑසන වැඩසටහනින් අනාවරණ කෙරුණේද මේ පිළිබඳවයි.