Tuesday, May 21, 2024

General line - 0115112241

දන්සල් සංවිධායකවරුන්ට දැනුම් දීමක්

ජූඩ් සමන්ත




මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පාචනය සහ උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් එළඹෙන වෙසක් සමයේදී ලබා දෙන දන්සල්  සඳහා ජලය භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ නෙත් නිවුස් වෙත පැවසුවේ දන්සල් සංවිධාන කරන සංවිධායකයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලියාපදිංචි වියයුතු බවයි.

ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සල ලබාදෙන ස්ථානය පූර්ණ පරීක්ෂාවකට ලක්කරන බවද ඔහු කියා සිටියා. 

දන්සල් සංවිධාන කරන සංවිධායකවරුන් අවධානයට ලක්කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.