Tuesday, May 21, 2024

General line - 0115112241

විදෙස් මත්පැන් සමඟ දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

එම විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර ව්‍යාපාරිකයන් තිදෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් කොළඹ 14 සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.