Tuesday, May 21, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 713ක් අත්අඩංගුවට




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලයන් මර්දනය කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 713 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අතර සැකකාරියන් 13 දෙනෙකුද වන බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 22ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.

තවත් සැකකරුවන් 05 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.